ශ්‍රී ලංකා A පරදා ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට සුපිරි ජයක් ; තරගාවලියේ ජයත් ඔස්ට්‍රේලියානුවන්නට

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම ඊයේ(24) පස්වරුවේ සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 367 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු A කණ්ඩායම කඩුුලු 5ක් දැවී ලකුණු 370ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Henry Hunt ලකුණු 107ක් ද, Jimmy Peirson නොදැවී ලකුණු 128ක් ද, Aaron Hardie නොදැවී ලකුණු 78ක් ද රැස් කරමින් සිය කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහනයක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ ලකුණු 116කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ඩිල්ෂාන් මදුෂංක ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත්තා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 330ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නිපුන් ධනංජය ලකුණු 92ක්, ලහිරු උදාර ලකුණු 63ක් හා සහන් ආරච්චිගේ ලකුණු 61ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් හා Mark Steketee කඩුලු 4 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 254ක්.

Jimmy Peirson නොදැවී ලකුණු 67යි. ලක්ෂිත මනසිංහ ලකුණු 82කට කඩුලු 5ක් බිද හෙලුවා. ඩිල්ෂාන් මදුෂංක ලකුණු 43කට දවා ගත් කඩුලු ගණන 3ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290ක් ලබා ගැනීමට සමත් වුණා.

නැවතත් පිතිකරණයෙන් සාර්ථක වූ නිපුන් ධනංජය ලකුණු 77ක් ලබා ගත් අතර, සහන් ආරච්චිගේ ලකුණු 58යි. නායක කමිදු මෙන්ඩිස් ලකුණු 48කට දැවී ගියා. පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් හා Tanveer Sangha කඩුලු 3 බැගින් බිද හෙලුවා.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු සිව්දින තරගය ද ජය ගැනීමට සමත් වුණේ ඔස්ට්‍රේලියානු A කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...