තවත් සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට අවසන් එක්දින තරගය අහිමි වෙයි

Date:

ඕස්ට්‍රේලියානු මැදපෙල පිතිකරු ට්‍රැවිස් හෙඩ්ට ශ්‍රී ලංකාව සමග හෙට(24) පැවැත්වීමට නියමිත පස්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, නිමා වූ සිව්වැනි එක්දින තරගයේදී ඔහු මුහුණ දුන් පාදයක ආබාධයක් හේතුවෙන්.

මෙම ආබාධය නිසා ඔහුට එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට අවිනිශ්චිත වී ඇති බව සඳහන්.

ඔහුගේ ආබාධය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය සඳහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කරගෙන නොමැති ජොෂ් ඉන්ග්ලිස් කණ්ඩායමට නම් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ආබාධවලට ලක්වූ ස්ටීවන් ස්මිත් සහ මිචෙල් ස්ටක් ද මෙතෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බැවින් හෙට තරගය සදහා ද ඔවුන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

මීට පෙර මෙම තරග සංචාරයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මර්කස් ස්ටොයිනිස්, ඇෂ්ටන් ඒගාර්, කේන් රිචර්ඩ්සන්, ෂෝන් ඇබෝට් වැනි ක්‍රීඩකයින් ද ආබාධවලට ලක් වුණා.

මිචෙල් මාෂ් ද ආබාධයකට ලක්වූ නමුත් පසුව ඔහු සුවඅතට පත් වුණා.

දෙරට අතර පැවැත්වෙන පස්වැනි එක්දින තරගය හෙට පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...