ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් : SLC

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 5 වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය මේ වන විට තරග 3-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

තරගාවලියේ අවසන් එක්දින තරගය එළඹෙන සිකුරාදා (24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වනවා.

එම තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියෙන් හා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයෙන් මිලදී ගත හැකියි.

එළඹෙන 26 වැනිදා සිට ගාල්ල ක්‍රීඩාංගනයෙන් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රුපියල් 300, 500, 1,000, 5,000 හා 7,500 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කරනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...