ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන සංචිතය නම් කෙරේ ; යසීර්ට යළි කැදවීමක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය අද(22) නිවේදනය කෙරුණා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා පා දග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ අගෝස්තු මාසයේ දී යි.

2015 වසරේ දී පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී ටෙස්ට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීමට යසීර් ශාහ් සමත් වුණා.

එම ටෙස්ට් තරගාවලියෙන් පාකිස්තානය තරග 2-1ක් ලෙස ජය ගත් අතර, තරගාවලියේ දී යසීර් ශාහ් කඩුලු 24ක් දවා ගත්තා.

සල්මන් අලී හා මොහොමඩ් නවාස් ද පාකිස්තාන ටෙස්ට් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු, මැද පෙල පිතිකරුවන් සිව්දෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු, කඩුලු රකින්නන් දෙදෙනෙකු, දග පන්දු යවන්නන් දෙදෙනෙකු හා වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු පාකිස්තාන සංචිතයට නම් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය එළඹෙන ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

Pakistan squad for Sri Lanka Tests:

Babar Azam (c), Mohammad Rizwan (vc, wk), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wicketkeeper), Saud Shakeel, Shaheen Afridi, Shan Masood and Yasir Shah

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...