අසලංකගේ ශතකය ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 258ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 34 දී බිද වැටුණා. ඒ, නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 14කටත්, පැතුම් නිස්සංක ලකුණු 13කටත් දැවී යාමත් සමගයි.

අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 101(100)ක සබදතාවයක් ගොඩ නැගීමට ධනංජය ද සිල්වා හා චරිත් අසලංක සමත් වුණා. ධනංජය පන්දු 61කින් ලකුණු 60ක් රැස් කළා.

නායක දසුන් ශානක අවාසනාවන්ත ලෙස ලකුණු 4කට දුවද්දී දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 19යි. චාමික කරුණාරත්න ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106කින් ලකුණු 110ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින්.

වනිදු හසරංග පන්දු 20කින් නොදැවී ලකුණු 21ක් වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු දෙකම අනවශ්‍ය ලෙස දුවද්දී දැවී යාම හේතුවෙන් ලකුණු 270 සීමාව පසු කර යාමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකාවට අහිමි වී ගියා. එලෙස දුවද්දී දැවී ගියේ ජෙෆ්රි වැන්ඩර්සේ හා මහීෂ් තීක්ෂණයි.

පන්දු යැවීමේ දී මැතිව් කුහ්නෙමන්, පැට් කමින්ස් හා මිචෙල් මාෂ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...