හිටපු නෙදර්ලන්ත ක්‍රීඩකයා නෙදර්ලන්තයට එරෙහිව නම් කරයි

Date:

එළඹෙන අයර්ලන්ත, ස්කොට්ලන්ත හා නෙදර්ලන්ත තරග සංචාර සදහා වන නවසීලන්ත සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයර්ලන්ත හා ස්කොට්ලන්ත තරග සංචාර ජූලි මාසයේ දී ද, නෙදර්ලන්ත තරග සංචාරය අගෝස්තු මස මුලදී ද පැවැත්වීමට නියමිතයි.

නෙදර්ලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Michael Rippon ද මෙම තරග සංචාර සදහා වන නවසීලන්ත සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

නවසීලන්ත කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, අනතුරුව ස්කොට්ලන්තයට එරෙහිව 20යි 20 තරග දෙකකට හා එක්දින තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පසුව නවසීලන්ත කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව ද 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අයර්ලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී ටොම් ලේතම් විසින් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව ඔහු හෙන්රි නිකල්ස්, මැට් හෙන්රි, විල් යන්ග් හා Jacob Duffy සමග නවසීලන්තය බලා පිටත්ව යනු ඇති.

ඉන් අනතුරුව මිචෙල් සැන්ට්නර් ඉදිරි තරගවලදී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

Michael Rippon අයර්ලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය සදහා හා ස්කොට්ලන්තයට හා නෙදර්ලන්තයට එරෙහි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ODI squad for Ireland:

  • Tom Latham* (c) (wk), Finn Allen, Michael Bracewell, Dane Cleaver (wk), Jacob Duffy*, Lockie Ferguson, Martin Guptill, Matt Henry*, Adam Milne, Henry Nicholls*, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Blair Tickner, Will Young*
    *(Departing post Ireland ODIs)

Squad for Ireland, Scotland & Netherlands:

  • Mitchell Santner (c), Finn Allen, Michael Bracewell, Mark Chapman*, Dane Cleaver (wk), Lockie Ferguson, Martin Guptill, Adam Milne, Daryl Mitchell*, Jimmy Neesham*, Glenn Phillips, Michael Rippon*, Ben Sears*, Ish Sodhi, Blair Tickner
    *(Joining post Ireland ODIs)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...