චමීරගේ ආබාධය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඔස්ට්‍රේලියාව සමග මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වන එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

වම් පාදයේ වළලුකර ප්‍රදේශයේ වේදනාවකින් ඔහු පසු වූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් (MRI Scan) සදහා යොමු කර තිබෙනවා.

එම වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසුව ඔහුට ලබා දිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් තීරණය කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර ආබාධයකට ලක්ව සිටි වනිදු හසරංග අද තරඟයේ දී දුෂ්මන්ත චමීර වෙනුවට කණ්ඩායමට නම් කිරීමටයි කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...