නෙදර්ලන්ත නායක පීටර් සීලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

පිට කොන්ද ආශ්‍රිතව නිරතුරුව ඇති වන ආබාධ තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක පීටර් සීලර්ට (Pieter Seelaar) සිදුව තිබෙනවා.

එංගලන්තය සමග ඊයේ(19) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ආබාධ තත්ත්වය හේතුවෙන් අහිමි වූ අතර, එම තරගයේ දී නෙදර්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ Scott Edwards විසින්.

පසුගිය වසර 4ක කාලය තුළ දී නෙදර්ලන්ත කණ්ඩයමේ නායකත්වය දැරූ Pieter Seelaar ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය හේතුවෙන් Scott Edwards ඉදිරියේ දී ද කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

වසර 17ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී Pieter Seelaar නෙදර්ලන්තය වෙනුවෙන් තරග 300කට අධික ප්‍රමාණයක් ක්‍රීඩා කරනු ලැබුවා.

නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර 20යි 20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා, 20යි 20 ජාත්‍යන්තර පිටියේ නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා මෙන්ම එක්දින ජාත්‍යන්තර පිටියේ දී නෙදර්ලන්තය වෙනුවෙන් සම වැඩිම කඩුලුලාභියා වන්නේ ද Pieter Seelaar.

නෙදර්ලන්තය හා එංගලන්තය අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්තය කඩුලු 6ක ජයක් වාර්තා කළ අතර, ඒ අනුව එංගලන්තය මේ වන විට තරග 2-0ක් ලෙස තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...