ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින හා T20 සංචිතය නම් කෙරේ

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 හා එක්දින තරගාවලි වෙනුවෙන් වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 19 දෙනෙකු ඇතුළත්.

මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නව නායිකාව ලෙස මෙම තරගාවලියේ දී Harmanpreet Kaur කටයුතු කරනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය එළඹෙන 23 වැනිදා පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජූලි පළමු වැනිදායි.

ශ්‍රී ලංකා සංචිතය 👇

  • Chamari Athapaththu (C), Hasini Perera,  Kavisha Dilhari, Nilakshi de Silva, Anushka Sanjeevani, Oshadhi Ranasinghe, Sugandika Kumari, Inoka Ranaweera, Achini Kulasuriya, Harshitha Samarawickrama, Vishmi Gunaratne, Malsha Shehani, Ama Kanchana, Udeshika Prabodhani, Rashmi de Silva, Hansima Karunaratne, Kaushani Nuthyangana, Sathya Sandeepani, Tharika Sewwandi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...