සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොදෙව්වන් අද(19) සමත් වුණා.
සිව්වැනි දිනය සදහා තරගය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 84 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 49ක්. ඔවුන් සිය ජයග්‍රාහී ඉලක්කය අද දිනයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාමට සමත් වුණා.
කොදෙව් දෙවැනි ඉනිමේ දී නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් එක් ලකුණකටත්, Raymon Reifer ලකුණු දෙකකටත්, කෘෘමා බෝනර් ලකුණු නොලබාත් දැවී ගියා. එම කඩුලු 3 බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක් ලෙස සටහන්ව තිබියදීයි.
කෙසේ වෙතත්, අනතුරුව ජෝන් කැම්ප්බෙල් නොදැවී ලකුණු 58ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගනු ලැබුවේ කලෙඩ් අහ්මඩ් විසින්.
කොදෙව් දූපත්හි ඇන්ටිගුවාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 ක්.
පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත්තා.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 245ක්.

