ඉන්දු – දකුණු අප්‍රිකා 20යි 20 තරගාවලිය 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වෙයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අද(19) නිමා වුණා.

ඒ, දෙරට අතර පැවැති පස්වැනි 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වීම හේතුවෙන්.

බැංගලූරුහී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගයේ ආරම්භය ද වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර, ඒ අනුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 19කට සීමා කෙරුණා.

කෙසේ වෙතත්, ඉන්දීය ඉනිම පන්දුවාර 3.3 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලෙස සටහන්ව තිබියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර අනතුරුව යළි තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...