බංග්ලාදේශය පරදා කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොදෙව්වන් අද(19) සමත් වුණා.

සිව්වැනි දිනය සදහා තරගය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 84 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 49ක්. ඔවුන් සිය ජයග්‍රාහී ඉලක්කය අද දිනයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාමට සමත් වුණා.

කොදෙව් දෙවැනි ඉනිමේ දී නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් එක් ලකුණකටත්, Raymon Reifer ලකුණු දෙකකටත්, කෘෘමා බෝනර් ලකුණු නොලබාත් දැවී ගියා. එම කඩුලු 3 බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක් ලෙස සටහන්ව තිබියදීයි.

කෙසේ වෙතත්, අනතුරුව ජෝන් කැම්ප්බෙල් නොදැවී ලකුණු 58ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින්  කොදෙව් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගනු ලැබුවේ කලෙඩ් අහ්මඩ් විසින්.

කොදෙව් දූපත්හි ඇන්ටිගුවාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 ක්.

පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත්තා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 245ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...