ශ්‍රී ලංකාවට ලකුණු 292 ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 291ක්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 14කට සීමා කරමින් ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දැවී ගියා.

මිචෙල් මාෂ් ලකුණු 10යි. ආරෝන් ෆින්ච් ලකුණු 62ක් රැස් කළේ පන්දු 85කින්. මර්නස් ලබුෂේන් ලකුණු 29යි.

ඇලෙක්ස් කෙරී හා ට්‍රැවිස් හෙඩ් අතරේ 5 වැනි කඩුල්ල සදහා ලකුණු 72 ක සබදතාවයක් ගොඩ නැගුණා.

කෙරී ලකුණු 49කට දැවී ගිය අතර. හෙඩ් නොදැවී ලකුණු 70(65)ක් ලබා ගත්තා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 33(18)යි.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 49කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...