ධනුෂ්කගේ ආබාධය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වම් පාදයේ ආබාධයකට (grade 1 groin muscle strain) ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(19) පස්වරුවේ තහවුරු කළා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි ඔහු එම ආබාධයට ලක්ව ඇත්තේ.

ඒ අනුව ඔහුට අද පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි එක්දින තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහු මේ වන විට සිය ආබාධය සුව කර ගැනීම වෙනුවෙන් පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත 4 වැනි එක්දින තරගය සදහා ඔහුගේ සහභාගීත්වය වෛද්‍ය උපදෙස් මත තීරණය කරන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...