කොදෙව්වන් ජයග්‍රහනයට ලකුණු 35ක් පිටුපසින්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද (19) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 84 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 49ක්.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් එක් ලකුණකටත්, Raymon Reifer ලකුණු දෙකකටත්, කෘෘමා බෝනර් ලකුණු නොලබාත් දැවී ගියා. එම කඩුලු 3 බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක් ලෙස සටහන්ව තිබියදීයි.

කෙසේ වෙතත්, අනතුරුව ජෝන් කැම්ප්බෙල් නොදැවී ලකුණු 28ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් නොදැවී ලකුණු 17ක් ලබා ගනිමින් දිනය අවසන් වන විට තරගයේ පාලනය කොදෙව්වන් වෙත නතු කර දුන්නා.

පන්දු යැවීමේ දී මෙතෙක් දැවී ගිය කඩුලු තුනම දවා ගනු ලැබුවේ කලෙඩ් අහ්මඩ් විසින්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා කොදෙව්වන් තවත් ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාව 35ක්.

තෙවැනි දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50ක්. ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි. ඒ, ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 109 දී බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ශකිබ් අල් හසාන් හා නුරුල් හසාන් ලකුණු 123ක විශිෂ්ඨ සබදතාවයක් ගොඩ නගමින් බංග්ලාදේශ කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

නායක ශකිබ් අල් හසාන් ලකුණු 63ක් ද, නුරුල් හසාන් ලකුණු 64ක් ද රැස් කළා. ආරම්භක පිතිකරුවෙකු වූ මහ්මුදුල් හසාන් ලකුණු 42යි. යළිත් අසාර්ථක වූ හිටපු නායක මොමිනුල් හක් ලකුණු 4කට දැවී ගියා. ඔහු අවසන් ටෙස්ට් ඉනිම 9 තුළදීම ලකුණු 10 සීමාව පසු කර යාමට සමත්වී නැහැ.

පන්දු යැවීමේ දී කෙමා රෝච් ලකුණු 53කට කඩුලු 5ක් දවා ගත්තා. අල්සාරි ජෝසප් කඩුලු 3ක් බිද හෙලූ අතර, ක්යල් මේයර්ස් කඩුලු 2ක් බිද හෙලුවා.

කොදෙව් දූපත්හි ඇන්ටිගුවාහී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 ක්.

පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...