නවසීලන්ත තුන් ඉරියව් ක්රීඩක මයිකල් බ්රේස්වෙල්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ, එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය නිමා වී දිනක් ගතව ඇති පසුබිමකයි.
ඒ අනුව ඔහු මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති බවයි නවසීලන්ත ක්රිකට් ආයතනය සදහන් කළේ.
නායක කේන් විලියම්සන්ට ද කොවිඩ් 19 ආසාදනය වූ බැවින් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.
මයිකල් බ්රේස්වෙල්ට දින පහක කාලයක් හුදෙකලා වී සිටීමෙන් අනතුරුවයි යළි සංචිතය හා එක්වීමේ අවස්ථාව උදා වන්නේ.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලීඩ්ස් හී දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 23 වැනිදායි.
මේ අතර, නවසීලන්ත වේග පන්දු යවන ක්රීඩක ක්යිල් ජමීසන්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පන්දු යවමින් සිටියදී මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.
ඔහු වෙනුවට Blair Tickner නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, නවසීලන්ත කඩුලු රකින ක්රීඩක Cam Fletcher ද ඊයේ(14) නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී අතිරේක ක්රීඩකයෙකු ලෙස පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්ව තිබෙනවා.
ඒ අනුව ඔහු ද සංචිතයෙන් ඉවත් කිරීමට සිදුව ඇති අතර, ඔහු වෙනුවට Dane Cleaver සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Dane Cleaver ටෙස්ට් සංචිතයට නම් කර ඇත්තේ පළමු වරට වීම ද විශේෂත්වයක්.

