තවත් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක් වෙයි

Date:

තවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකු මෙරට දී ආබාධවලට ලක්ව තිබෙනවා.

ඊයේ ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී මෙලෙස ආබාධවලට ලක්ව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්.

ස්ටොයිනිස්ට ශ්‍රී ලංකා තරග සංචාරයෙහි ඉතිරි තරග සියල්ලම අහිමි වී ඇති අතර, ඒගාර්ට ද දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් ඒගාර් තවදුරටත් එක්දින සංචිතය සමඟ රැඳී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව මේ දිනවල හම්බන්තොට දී පැවැත්වෙන සිව්දින තරගයේ දී ඔස්ට්‍රේලියානු A කණ්ඩායම නියෝජනය කරන Matthew Kuhnemann හා ට්‍රැවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට ආදේශ කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා තරග සංචාරයේ දී මේ වන විට ආබාධවලට ලක්ව ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සංඛ්‍යාව 6ක්.

මිචෙල් ස්ටක් පළමු 20යි 20 තරගයේ දීම ආබාධයකට ලක් වූ අතර, ඔහු තවමත් ඉන් සම්පූර්ණයෙන්ම සුවය ලබා නැහැ. මිචෙල් මාෂ් ද මේ වන විට ආබාධයකට ලක්ව සිටිනවා.

ස්ටක් වෙනුවට එක්දින සංචිතයට ආදේශ කළ කේන් රිචර්ඩ්සන්ට තෙවැනි 20යි 20 තරගයේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් ඇබෝර්ට් ආබාධයකට ලක් වුණේ 20යි 20 තරගාවලිය ද ආරම්භ වීමට පෙරයි.

මේ අතර, Matthew Kuhnemann හා ට්‍රැවිස් හෙඩ් ඔස්‍ට්‍රේලියානු එක්දින සංචිතයට ආදේශ කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ ස්ථාන සදහා Jimmy Pierson හා Tanveer Sangha ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු සිව්දින තරගයේ අවසන් දින දෙක සදහා එම ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩා කිරිමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...