වනිදුට හෙට තරගය අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියාව සමග හෙට(16) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු ඊයේ පැවැති පළමු එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ඔහු අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දී ඇති ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය එතරම් බරපතල තත්ත්වයක නොමැති බවයි.

කෙසේ වෙතත්, ඔහුට හෙට තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

නමුත්, ඔහු දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන්ම ඉවත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...