තීක්ෂණ T 20 ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ; නවතම එක්දින හා T 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් මෙන්න

Date:

නවතම එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(15) නිවේදනය කළා.

ඊට අනුව ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් 20යි 20 පන්දු යවන්නන් අතර පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

එහි දෙවැනි ස්ථානය එංගලන්තයේ අඩිල් රෂීඩ්ට ද, තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සිට ද හිමිව තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවේ වනිදු හසරංග මේ වන විට 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මහීෂ් තීක්ෂණ 20යි 20 පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 16කින්.

ඔස්ට්‍රේලියාවේ ඇෂ්ටන් ඒගාර් 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් 11 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 7කින් ඉදිරියට පැමිණෙමින්.

20යි 20 පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් සමත්ව තිබෙනවා. එහි පෙරමුණේ පසුවන්නේ පාකිස්තානයේම බබාර් අසාම්.

ඔස්ට්‍රේලියාවේ ආරෝන් ෆින්ච් 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, ඉන්දියාවේ ඉෂාන් කිෂන් 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 68කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පැතුම් නිස්සංක එක් ස්ථානයකින් පසුබැස ඇත්තේ 9 වැනි ස්ථානය දක්වායි.

මේ අතර, නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව එහි පිතිකරණ අංශයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානයේ ඉමාම් උල් හක් සමත්ව ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

එක්දින පිතිකරුවන් අතර ද පෙරමුණේ පසුවන්නේ පාකිස්තානයේ බබාර් අසාම්.

ඒ අනුව මේ වන විට එක්දින හා 20යි 20 තරග රටා ද්විත්වයේම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු හා දෙවැනි ස්ථාන දෙකම හිමිව ඇත්තේ පාකිස්තාන ක්‍රීඩකයින්ට වීම විශේෂත්වයක්.

පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි සම 50 වැනි ක්‍රීඩකයා දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට ධනුෂ්ක ගුණතිලක සමත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ පැවැති පළමු එක්දින තරගයේ දී වාර්තා කළ අර්ධ ශතකය හේතුවෙන්.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට වනිදු හසරංග සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, දුෂ්මන්ත චමීර 35 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 4කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...