ICC Rankings : ජෝ රූට් ලෝකෙන්ම එක වෙයි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(15) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එහි ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට එංගලන්තයේ ජෝ රූට් සමත්ව ඇත්තේ මෙතෙක් පළමු ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් දෙවැනි ස්ථානයට ඇද දමමින්.

ලබුෂේන් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට සමත් වුණේ පසුගිය දෙසැම්බර් මාසයේ දී යි.

කෙසේ වෙතත්, ජෝ රූට් මේ වන විට දක්වමින් සිටින සුපිරි දක්ෂතා හේතුවෙන් රූට් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. ඒ, ශ්‍රේණිගත ලකුණු 897 කට හිමිකම් කියමින්.

ලබුෂේන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 892 ක්. ස්ටීව් ස්මිත් තෙවැනි ස්ථානයේත්, බබාර් අසාම් සිව්වැනි ස්ථානයේත්, කේන් විලියම්සන් පස්වැනි ස්ථානයෙත් පසුවන අතර, දිමුත් කරුණාරත්න 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, නවසීලන්තයේ ඩැරල් මිචෙල් ටෙස්ට් පිතිකරුවන් අතර 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 33කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

නවසීලන්තයේ ක්යිල් ජමීසන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් පහතට ඇද වැටී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ තවදුරටත් හිමිව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...