පරාජයට හේතුව හා වනිදුගේ ආබාධය ගැන මෙන්ඩිස් කරුණු පහදයි

Date:

ඔස්ට්‍රේලියාව සමග අගහරුවාදා(14) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉදිරි තරග ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පවසනවා.

පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 2ක තියුණු පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 301ක ඉලක්කයක් හඹා යාමට ඔස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිසි නමුත්, ඔස්ට්‍රේලියානු ඉනිමේ පන්දුවාර 12.4ක් අවසානයේ දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුණා.

අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 44ක් තුළ ලකුණු 282ක ඉලක්කයක් හඹා යාමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු වූ අතර, ඔවුන් පන්දුවාර 42.3ක් අවසානයේ කඩුලු 8ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

වර්ෂාවෙන් පසුව තණතීරුවේ හා ක්‍රීඩාංගනයේ ස්වභාවය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අවාසිදායක තත්ත්වයක් ඇති කළ නමුත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් ද වැරැදීම් සිදු වීම තරගයේ පරාජයට බලපෑ බවයි කුසල් මෙන්ඩිස් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ.

කුසල් මෙන්ඩිස් දැක් වූ අදහස් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...