සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
නොටින්හැම්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සදහා තරගයේ අවසන් දිනයේ දී ලකුණු 299ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 50ක් තුළ දී කඩුලු 5ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
එංගලන්තය ජයග්‍රහනය කරා රැගෙන යාමට මග පාදා දුන් ජොනී බෙයාර්ස්ටව් පන්දු 92කින් වේගවත් ලකුණු 136ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 7ක් හා හතරේ පහර 14ක් සමගින්.
නායක බෙන් ස්ටොක්ස් පන්දු 70කින් ලකුණු 72ක් නොදැවී රැස් කළා.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් බිද හෙලීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 553ක්. ඩැරල් මිචෙල් ලකුණු 190ක් ලබා ගත්තා. ටොම් බ්ලන්ඩල් ලකුණු 106යි. පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 539 ක්. ජෝ රූට් ලකුණු 176ක් ලබා ගත්තා. ඔලී පෝප් ලකුණු 145යි. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 106කට කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනුණා. මයිකල් බ්‍රේස්වෙල් ද කඩුලු 3ක් බිද හෙලුවා.
පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියලු දෙනා තරගයේ අවසන් දිනයේ පෙරවරු කාලයේ දී දැවී ගියේ ලකුණු 284 කටයි. ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 62ක් රැස් කළා. පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් බිද හෙලුවා.
We’ve just chased 299 in 50 overs in a Test match on day five 🤯
Scorecard & Videos: https://t.co/ffFnHnaIPX
🏴 #ENGvNZ 🇳🇿 pic.twitter.com/EPG1oNUWuD
— England Cricket (@englandcricket) June 14, 2022

