IPL ලොව දෙවැනි ධනවත්ම ලීගය බවට පත් වූ ගිවිසුම් නිල වශයෙන් නිවේදනය කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය සදහා ඉන්දීය උප මහද්වීපික කලාපයේ රූපවාහිනී විකාශන අයිතිය යළිත් හිමි කර ගැනීමට Star India සමාගම සමත්ව ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් නිවේදනය කළා.

තරගාවලියේ ඩිජිටල් විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ Viacom18 සමාගමයි.

රූපවාහිනී විකාශන අයිතිය Star India සමාගම විසින් දිනා ගෙන ඇත්තේ ඔවුන් ඉදිරිපත් කළ ඉන්දීය රුපියල් කෝටි 23,575 ක (US$ 3 billion) ලංසුව යටතේයි.

Viacom18 සමාගම ඩිජිටල් විකාශන අයිතිය හිමි කර ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 23,758 ක (US$ 3 billion) ලංසුවක් ඉදිරිපත් කරමින්.

Viacom18 සමාගම ඉන්දීය උප මහද්වීපික කලාපයේ ඩිජිටල් විකාශන අයිතියට අමතරව ගෝලීය කලාප 3ක (ඔස්ට්‍රේලියා+නවසීලන්ත, බ්‍රිතාන්‍ය හා දකුණු අප්‍රිකාව) මාධ්‍ය අයිතිය (රූපවාහිනී හා ඩිජිටල්) හිමි කර ගෙන තිබෙනවා.

සෙසු ගෝලීය කලාප දෙකේ මාධ්‍ය අයිතිය (මැදපෙරදිග හා අමෙරිකා එක්සත් ජනපදය) හිමි කර ගෙන ඇත්තේ Times Internet සමාගමයි.

මැදපෙරදිග කලායේ විකාශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 205 ක මුදලකටත්, අමෙරිකා එක්සත් ජනපදයේ විකාශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 258 ක මුදලකටත් එම සමාගම හිමි කර ගෙන තිබෙනවා.

ඉදිරි වසර 5 සදහා IPL තරගාවලියේ සමස්ත විකාශන වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 48,390ක්.(US$ 6.2 billion)

ඒ අනුව එක් තරගයක සමස්ත විකාශන වටිනාකම සලකා බැලීමේ දී අයි.පී.එල් තරගාවලිය වාර්තා අතරට එක්වන්නේ ලොව දෙවැනි මිල අධිකම විකාශන වටිනාකමක් සහිත ක්‍රීඩා ලීග් තරගාවලිය ලෙසයි.

එය දෙවැනි වන්නේ අමෙරිකාවේ NFL පාපන්දු තරගාවලියට පමණයි.

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය සදහා විකාශන අයිතිය පිරිනැමීම වෙනුවෙන් වූ වෙන්දේසිය ආරම්භ වුණේ පසුගිය ඉරිදා  දිනයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...