Watch : වෙල්ලාලගේ දවා ගත් මංගල එක්දින කඩුල්ල

Date:

ශ්‍රී ලංකා යොවුන් දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(14) සිය මංගල එක්දින ජාත්‍යන්තර කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී යි.

මෙම තරගයේ දී දුනිත් වෙල්ලාලගේ එක්දින වරම් දිනා ගත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනූ 204 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් ලබා ගනිමින්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ගේ කඩුල්ල දවා ගනිමිනුයි දුනිත් වෙල්ලාලගේ සිය මංගල එක්දින කඩුල්ල දවා ගත්තේ.

දැවී යන විට ස්මිත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 53ක්.

වෙල්ලාලගේ යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ස්මිත් දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...