ඔස්ට්‍රේලියානු මුල් පෙල අසරණ කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායමෙන් ප්‍රබල ආරම්භයක්

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගය අද(14) හම්බන්තොට දී ආරම්භ වුණා.

සිව් දින තරගාවලියේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය කමිදු මෙන්ඩිස් විසින් දරනු ලබන අතර ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ මර්කස් හැරිස්.

තරගයේ කාසිය වාසිය දිනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු A කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 117 ක්.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 15ක් තුළ බිඳ වැටුණා.

මැට් රේන්ෂෝ ලකුණු 2කට දැවී ගිය අතර, මර්කස් හැරිස් හා හෙන්රි හන්ට් ලකුණු නොලබා සිටියදී දැවී ගියා.

එම කඩුලු තුනම දවා ගත්තේ ඩිල්ෂාන් මදුෂංක විසින්.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 39ක් රැස් කළ අතර, නික් මැඩින්සන් ලකුණු 14යි. එම කඩුලු දෙක දවා ගත්තේ ලක්ෂිත මනසිංහ විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...