Watch : පන්දුව නිදැල්ලේ යවා ලේතම් පිරිනැමූ ඇන්ඩර්සන්ගේ 650 වැනි ටෙස්ට් කඩුල්ල

Date:

එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අද(13) සිය ටෙස්ට් දිවියේ 650 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ, නවසීලන්තය සමග එංගලන්තයේ නොටින්හැම් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී යි.

නවසීලන්ත දෙවැනි ඉනිමේ දී ආරම්භක පිතිකරු හා නායක ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගනිමිනුයි ඇන්ඩර්සන් සිය 650 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

ඇන්ඩර්සන්ගේ පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්සාහ කිරීමේ දී එම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ටොම් ලේතම් දැවී ගියේ.

ඔහු දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 4ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 553ක්. ඩැරල් මිචෙල් ලකුණූ 190යි.

පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 539ක් රැස් කළා.

ඒ, ජෝ රූට් වාර්තා කළ ලකුණු 176න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 5ක් දවා ගත්තා.

ඇන්ඩර්සන්ගේ 650 වැනි ටෙස්ට් කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...