මිචෙල්ගේ 190 නවසීලන්තය පෙරමුණේ තබයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය ඊයේ(11) රාත්‍රියේ නිමා වුණේ තරගයේ වැඩි ගෞරව නවසීලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලබා සිටියා.

ඔලී පෝප් නොදැවී ලකුණු 51ක් හා ඇලෙක්ස් ලීස් නොදැවී ලකුණු 34ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. සැක් ක්‍රව්ලි ලකුණු 4කට දැවී ගියේ ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේයි.

නොටින්හැම්හි පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය සදහා තරගය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලනතය කඩුලු 4ක් දැවී ලකුණු 318ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 553ක්.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් පන්දු 318කින් ලකුණු 190ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 23ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ටොම් බ්ලන්ඩල් ලකුණු 106යි. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 236ක්.

මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 49ක්, විල් යන්ග් ලකුණු 47ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 46ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ්, බෙන් ස්ටොක්ස් හා ජැක් ලිච් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 463 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...