ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට 40%ක දඩයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග නිමා වූ දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය නිමා වන විට පන්දුවාර දෙකක් යවා නිමා කර නොමැති බවට අනාවරණය වීම නිසා තරග තීරක රංජන් මඩුගල්ල මහතා විසින් මෙම දඩ නියම කිරීම සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් තම කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොකරන බව ද ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

පසුගිය 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අදාළ තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කළා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 තරගය හෙට(11) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...