ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට තවත් වෙනසක්

Date:

වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචර්ඩ්සන් ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පළමු තරග දෙක සදහා පමණක් ඔහුව සංචිතයට ඇතුළත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් ඇගිල්ලක ආබාධයකට ලක් වීම පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

ඔහුගේ ආබාධය හේතුවෙන් ජයි රිචර්ඩ්සන් ද ශ්‍රී ලංකාවට එරෙහි තරග 5කින් යුත් එක්දින තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ(9) කටයුතු කළා.

ALSO READ : ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ට මෙම ආබාධය හේතුවෙන් අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා මිචෙල් ස්ටක්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔහුට අවම වශයෙන් දින 7ක කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බව සදහන්.

ALSO READ : ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට 40%ක දඩයක්

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 14 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...