ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 313ක දැවැන්ත ඉලක්කයක් ; ප්‍රමෝද්ගෙන් සුපිරි පන්දු යැවීමක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පන්දුවාර 48.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් හා ජොෂ් පිලිපී පළමු කඩුල්ලට පන්දුවාර 9.1ක් තුළ වේගවත් ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වුණා.

පිලිපී ලකුණු 34(25)කට දැවී ගිය අතර, හෙඩ් පන්දු 86කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110ක්. ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15ක් ඇතුළත්.

මර්කස් හැරිස් ලකුණු 31ක්, නායක Henry Hunt ලකුණු 40ක් හා Aaron Hardie ලකුණු 58ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු A ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මදුෂාන් ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තා.

නිසල තාරක හා සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...