මිතාලිගේ විශ්‍රාම ගැනීමෙන් පැය කිහිපයකට පසු ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත නිවේදනය කෙරේ

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය කාන්තා සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ පිතිකාරිණියක වන මිතාලි රාජ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.

ඒ අනුව ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නව නායිකාව ලෙස පත් කර ඇත්තේ Harmanpreet Kaur.

මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දඹුල්ලේ දී 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, මහනුවර දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

1999 වසරේ දී ජාත්‍යන්තර පිටියට පිවිසි මිතාලි රාජ් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 232ක් හා 20යි 20 තරග 89ක් ක්‍රීඩා කළා.

කාන්තා එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා වන්නේ ද මිතාලි රාජ්.

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය එක්දින හා 20යි 20 සංචිත සහ තරග කාලසටහන –

India’s ODI squad: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia (wk), Harleen Deol.

India’s T20I squad: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Jemimah Rodrigues, Radha Yadav.

BCCI

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...