ස්ටක්ට තවත් තරග රැසක් අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ට අහිමි වී තිබෙනවා.

ඒ දෙරට අතර පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ අබාධය හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලියේ ආරම්භක තරග කිහිපය ද ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව සදහන්.

ඒ අනුව ජයි රිචර්ඩ්සන් ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඔහු මීට පෙර 20යි 20 තරගාවලිය සදහා පමණක් නම් කර තිබූ අතර අනතුරුව ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහි තරග වෙනුවෙන් ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සමග එක් වීමට නියමිතව තිබුණා.

රිචර්ඩ්සන් වෙනුවට Nathan McAndrew ඕස්ට්‍රේලියානු A සංචිතයට නම් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මිචෙල් ස්ටක්ට දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔහුට අවම වශයෙන් දින 7ක කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...