එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය කාන්තා සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ පිතිකාරිණියක වන මිතාලි රාජ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.
ඒ අනුව ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නව නායිකාව ලෙස පත් කර ඇත්තේ Harmanpreet Kaur.
මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දඹුල්ලේ දී 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, මහනුවර දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
1999 වසරේ දී ජාත්‍යන්තර පිටියට පිවිසි මිතාලි රාජ් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 232ක් හා 20යි 20 තරග 89ක් ක්‍රීඩා කළා.
කාන්තා එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා වන්නේ ද මිතාලි රාජ්.
ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය එක්දින හා 20යි 20 සංචිත සහ තරග කාලසටහන –
India’s ODI squad: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia (wk), Harleen Deol.
India’s T20I squad: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Jemimah Rodrigues, Radha Yadav.


