ඔස්ට්‍රේලියානු A කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ හඹා යාමක්

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම අද(8) සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 297ක් ලබා ගනිමින්.

නායක ධනංජය ද සිල්වා ලකුණු 68(70)ක් රැස් කළා. ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ලකුණු 65ක් ද, අශේන් බණ්ඩාර ලකුණු 48ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 42ක් ද ලබා ගත්තා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කට දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.

පන්දු යැවීමේ දී Mark Steketee හා Todd Murphy කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා A කණ්ඩායම පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 298ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 119ක් හා ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 52ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා A කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. මැට් රේන්ෂෝ ලකුණු 68යි.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 55කට කඩුලු 2ක් දවා ගත් අතර, පුලින තරංග ලකුණු 69කට එක් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...