Update : ඔස්ට්‍රේලියාවට ලකුණු 125ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 125ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් පමණක් ලබා ගැනීම හේතුවෙන්.

චරිත් අසලංක ලකුණු 39ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 36කට දැවී ගියා. මෙන්ඩිස් දැවී ගියේ හිට් විකට් දැවී යාමකට හසු වෙමින්.

දසුන් ශානක ලකුණු 14ක්ද, භානුක රාජපක්ෂ ලකුණු 13ක් ද, වනිදු හසරංග ලකුණු 12ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් ලකුණු 30කට කඩුලු 4ක් හා ජයි රිචර්ඩ්සන් 26කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...