ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 298ක ඉලක්කයක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 297ක් ලබා ගනිමින්.

නායක ධනංජය ද සිල්වා ලකුණු 68(70)ක් රැස් කළා.

ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ලකුණු 65ක් ද, අශේන් බණ්ඩාර ලකුණු 48ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 42ක් ද ලබා ගත්තා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කට දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.

පන්දු යැවීමේ දී Mark Steketee හා Todd Murphy කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Update :

මේ අතර, ඕස්ට්‍රේලියා A කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ඉනිමේ පළමු කඩුලු දෙකම දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...