Update : 100/1 සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 128කට දැවී යයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128ක් පමණක් ලබා ගැනීම හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පන්දුවාර 11.4ක් තුළ ලකුණු 100 සීමාව පසු කර යමින්.

කෙසේ වෙතත්, එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී මිචෙල් ස්ටක්ගේ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පැතුම් නිස්සංක ලකුණු 36කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා.

ඒ, පන්දු 13ක් තුළ ලකුණු 3කට කඩුලු 4ක් දැවීයමින්.

ජොෂ් හේසල්වුඩ් යොමු කළ සිය තෙවැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව එක් ලකුණක් පමණක් වාර්තා කළ අතර, කඩුලු 3ක් දවා ගැනීමට හේසල්වුඩ් එම පන්දුවාරයේ දී සමත් වීම කැපී පෙනුණා.

හේසල්වුඩ් මෙම තරගයේ දී සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින්.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 26ක් ද, චරිත් අසලංක ලකුණු 38ක් ද වාර්තා කළ අතර, වනිදු හසරංග ලකුණු 17කට දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...