නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා
ඒ, ඔහුගේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධය හේතුවෙන්.
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී පන්දු යවමින් සිටියදීයි ඔහු එම ආබාධයට ලක් වුණේ.
අනතුරුව කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් අතර, එම වෛද්‍ය වාර්තාවට අනුව ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 10-12ක් පමණ කාලයක් ගත වනු ඇති බවටයි නිගමනය කර ඇත්තේ.
ඒ අනුව ඔහු වෙනුවට මයිකල් බ්‍රේස්වෙල් නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආබාධයකට ලක්ව සිටි හෙන්රි නිකල්ස් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතව තිබූ බැවින් ඔහු වෙනුවට අවශ්‍ය වුවහොත් කණ්ඩායමට ආදේශ කර ගැනීමේ අරමුණින් මයිකල් බ්‍රේස්වෙල් 16 වැනි ක්‍රීඩකයා ලෙස පළමු ටෙස්ට් තරගය සදහා වන නවසීලන්ත සංචිතයට ද නම් කර තිබුණා.

