අපිට ලෝක මට්මටමේ පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා : දසුන් ශානක

Date:

තම කණ්ඩායම සතුව ශක්තිමත් පිතිකරණ බලඇණියක් මෙන්ම ලෝක මට්මටමේ පන්දු යැවීමේ බලඇණියක් සිටින බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග හෙට(7) ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දසුන් ඒ බව සදහන් කළේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“කණ්ඩායමක් විදිහට ගත්තම දෙපැත්තෙම සමබරතාවයක් අපිට තියෙනවා. මොකද පිතිකරණය ගත්තත් නම්දරාපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ වගේ හොද පිතිකරණ බලඇණියක් ඉන්නවා.” යනුවෙන් දසුන් ශානක කියා සිටියා.

“ඒ වගේම පන්දු යැවීම ගත්තොත් ලෝක මට්ටමේ පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා. ලෝක කුසලානයේ ඉදන්ම මේ ක්‍රීඩකයින් තමයි අපේ කණ්ඩායමේ ක්‍රීඩා කළේ. මම හිතනවා පන්දු යැවීමේ අංශයෙන් විශේෂ දායකත්වයක් මේ තරගාවලියට තියෙයි කියලා.”  

“පසුගිය තරගාවලි දෙක ගත්තොත් පිතිකරණයේ පසුබැසීමක් තිබ්බේ නෑ. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වුණා, ආබාධවලට මුහුණ දුන්නා ක්‍රීඩකයින්. ඒ නිසයි අපේ කණ්ඩායම් දක්ෂතා නැති වුණේ. අපේ සම්පූර්ණ කණ්ඩායමම හිටියනම් ඔස්ට්‍රේලියානු තරගාවලියෙත් ඉන්දීය තරගාවලියෙත් අනිවාර්යයෙන්ම අපිට ඒ තරගාවලි දෙකම ජයග්‍රහනය කරන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා.”

හෙට ආරම්භ වන 20යි 20 තරගාවලිය වෙනුවෙන් සූදානම් කර ඇති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරුව සම්බන්ධයෙන් මෙන්ම අංක 3 පිතිකරු සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නායකයා අදහස් පල කළා.

“බවුන්ස් අඩු කරලා තමයි අපි තණතීරු යොදා ගන්න බලාපොරොත්තුවෙන්නේ. අංක 3 අපේ දිගින් දිගටම ක්‍රීඩා කළේ චරිත් අසලංක. අපි තාම කතා කරගෙන යනවා, මොකද අපේ වමත් පිතිකරුවන් වැඩිපුර ඉන්න නිසා කණ්ඩායම සමබර කර ගන්න ඕනෙ. ඒ ගැන අවසන් තීරණය අද ගන්නවා.”  

මේ අතර, කඩුලු රැකීමේ කාර්යයභාරය කුසල් මෙන්ඩිස්ට හිමි වන බව ද දසුන් සදහන් කළා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු 20යි 20 තරගය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය –

Dasun Shanaka (C), Pathum Nissanka, Danushka Gunathilaka, Kusal Mendis, Charith Asalanka, Bhanuka Rajapaksa, Nuwanidu Fernando, Lahiru Madushanka, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Kasun Rajitha, Nuwan Thushara, Matheesha Pathirana, Ramesh Mendis, Maheesh Theekshana, Praveen Jayawickrama, Lakshan Sandakan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...