කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට මාස 3ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා

ඒ, ඔහුගේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධය හේතුවෙන්.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී පන්දු යවමින් සිටියදීයි ඔහු එම ආබාධයට ලක් වුණේ.

අනතුරුව කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් අතර, එම වෛද්‍ය වාර්තාවට අනුව ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 10-12ක් පමණ කාලයක් ගත වනු ඇති බවටයි නිගමනය කර ඇත්තේ.

ඒ අනුව ඔහු වෙනුවට මයිකල් බ්‍රේස්වෙල් නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි හෙන්රි නිකල්ස් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිතව තිබූ බැවින් ඔහු වෙනුවට අවශ්‍ය වුවහොත් කණ්ඩායමට ආදේශ කර ගැනීමේ අරමුණින් මයිකල් බ්‍රේස්වෙල් 16 වැනි ක්‍රීඩකයා ලෙස පළමු ටෙස්ට් තරගය සදහා වන නවසීලන්ත සංචිතයට ද නම් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...