පිතිකරුවන් අසරණ වූ පළමු දිනයේ දී කඩුලු 17ක් දැවී යයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(2) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනය පන්දු යවන්නන්ගේ දිනයක් බවට පත් කරමින් නිමාව දුටුවේ දිනය තුළ දී කඩුලු 17ක් දැවී යමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී පළමු ඉනිමේ දී රැස් කර ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 12ක් තුළ බිද වැටුණේ ටොම් ලේතම් එක් ලකුණකටත්, විල් යන්ග් එක් ලකුණකටත්, කේන් විලියම්සන් ලකුණු 2කටත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 3කටත් දැවී යාම හේතුවෙන්.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් නොදැවී ලකුණු 42ක් ලබා ගනිමින් ඉනිමට යම් ශක්තියක් ලබා දුන්නා. ටිම් සවුති ලකුණු 26යි. ටොම් බ්ලන්ඩල් ලකුණු 14කටත්, ඩැරල් මිචෙල් ලකුණු 13කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී යළිත් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගත් ජේම්ස් ඇන්ඩර්සන් හා සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන Matthew Potts කඩුලු 4 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්තය අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116ක්.

ඒ, ඔවුන්ගේ පළමු කඩුල්ලට සැක් ක්‍රව්ලි හා ඇලෙක්ස් ලීස් ලකුණු 59ක සබදතාවයක් ගොඩ නැගූ පසුබිමකයි.

ක්‍රව්ලි ලකුණු 43කටත්, ලීස් ලකුණු 25කටත් දැවී ගියා. ජෝ රූට් රැස් කළේ ලකුණු 11ක් පමණයි. ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් පසුව සිය පළමු ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බෙන් ස්ටොක්ස් එක් ලකුණකට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට් හා ක්යිල් ජමීසන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 16ක්.

මේ අතර, පළමු දිනයේ දී ම එංගලන්ත ක්‍රීඩක ජැක් ලීච් පන්දු රකිමින් සිටියදී අනතුරකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහු කම්පන තත්ත්වයකට ගොදුරු වී ඇති බැවින් මෙම තරගයෙන් ඉවත් කිරීමටයි පියවර ගැනුණේ.

ඔහු වෙනුවට මැට් පාර්කින්සන් කණ්ඩායමට ආදේශ කිරීමට ද එංගලන්ත ක්‍රිකට් කළමණාකාරීත්වය පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...