කොදෙව්වන් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය දිනයි

Date:

නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කොදෙව්වන් කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.

Amstelveen හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 48.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 214 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ Vikramjit Singh ලකුණු 46ක්ද, Max O’Dowd ලකුණු 51ක් ද ලබා ගත් අතර, අංක 3 පිතිකරු වූ Scott Edwards ලකුණු 68ක් රැස් කළා.

කෙසේ වෙතත්, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී අකීල් හොසේන් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 45.3 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බ්‍රෙන්ඩන් කිං නොදැවී ලකුණු 91(90)ක් ලබා ගනිමින් කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ඒ, ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 99 දී බිද වැටුණු පසුබිමකයි. Keacy Carty නොදැවී ලකුණු 43යි.

පන්දු යැවීමේ දී Bas de Leede ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...