දේශපාලන අර්බුදයෙන් කොදෙව් – පාකිස්තාන තරගාවලියටත් බලපෑම්

Date:

පාකිස්ථානය සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මුල්තාන් හී දී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මීට පෙර එම තරඟාවලිය රාවල්පින්ඩි හී දී පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, පාකිස්තානයේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් එරට අගනුවර වන ඉස්ලාමාබාද් නගරයට ආසන්නයෙන් පිහිටි රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ මෙම තරගාවලිය නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම ඉදිරි දිනවලදී දැවැන්ත දේශපාලන විරෝධතා රැළි එරට අගනුවර පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ජූනි 8 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ තරග කාලසටහනෙහි වෙනසක් සිදු කර නැහැ.

මෙම තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට ද අයත් වනවා.

කාළගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එක්දින තරඟ පස්වරු 4 ට ආරම්භ කිරීමට ද නියමිතව ඇති බව සඳහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...