ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ; පාකිස්තානයේ අනාම් අමින් 4 වැනියා වෙයි

Date:

නවතම අයි.සී.සී කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(31) නිවේදනය කළා.

ඒ් අනුව පාකිස්තානයට එරෙහිව පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දී කඩුලු 6ක් දවා ගත් ශ්‍රී ලංකාවේ ඕෂදී රණසිංහ පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 18කින් ඉදිරියට පැමිණ ඇත්තේ 38 වැනි ස්ථානය දක්වායි.

සුගන්දිකා කුමාරි 46 වැනි ස්ථානය දක්වා ස්ථාන 19කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

කවීෂා දිල්හාරි 59 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13කින්.

මේ අතර, පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි 74 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට හර්ෂිතා මාධවී සමත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

හසිනි පෙරේරා 87 වැනි ස්ථානය දක්වා ස්ථාන 18කින් ද, නිලක්ෂි ද සිල්වා 92 වැනි ස්ථානය දක්වා ස්ථාන 22කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩිකා Anam Amin පන්දු යවන්නියන් ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...