Watch : IPL 2022 තරගාවලියේ වේගවත්ම පන්දුවේ වාර්තාව අවසන් තරගයේ දී බිද වැටෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) වේගවත්ම පන්දුව යොමු කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ලොකී ෆර්ගසන් අද(29) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් මහා තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවයි.

අහ්මදාබාද්හී දී අද රාත්‍රී 8ට ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගනිමින් පළමු වරට අයි.පී.එල් ශූරයින් වීම සදහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලකුණු 131ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

රාජස්ථාන් ඉනිම අතරතුර දී යි ෆර්ගසන් විසින් මෙවර තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කරනු ලැබුවේ.

එම පන්දුවේ වේගය සටහන් වුණේ පැයට කිලෝ මීටර් 157.3ක් ලෙසයි.

මීට පෙර මෙවර තරග වාරයේ වේගවත්ම පන්දුව යොමු කර තිබුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ උම්රාන් මලික් විසින්.

ඔහු විසින් පැයට කිලෝ මීටර් 157ක වේගයෙන් පන්දුවක් යොමු කරමිනුයි එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...