Update : ශ්‍රී ලංකාවට ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි (27).

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට ලකුණු 29ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස මුෂ්ෆිකර් රහීම් පන්දු 39 කින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී ගියා.

අනතුරුව ලිටොන් දාස් හා ශකිබ් අල් හසාන් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 103ක්.

ශකිබ් අල් හසාන් ලකුණු 58කටත්, ලිටොන් දාස් ලකුණු 52කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 6ක් දවා ගත්තා.(දර්ශන පහතින්) කසුන් රාජිත කඩුලු 2ක් ද, රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 506ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...