උමාර් ගුල්ට ඇෆ්ඝනිස්තානයෙන් ස්ථීර පත්වීමත්

Date:

ඇෆ්ඝනිස්තානයේ නව පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් පත් කර තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේ සිට ඔහු එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එම සංචාරයේ දී ඇෆ්ඝනිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

මීට පෙර දින 15ක කාලයක් සදහා පමණක් කෙටි කාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ පන්දු යැවීමේ උපදේශක පුහුණුකරු ලෙස උමාර් ගුල් පත් කිරීමට ද ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

ඒ, ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සංවිධාන කර තිබූ පුහුණු කදවුරක් සදහා ඔහුගේ සේවය ලබා ගැනීම සදහායි.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුනිස් ඛාන් එහිදී කටයුතු කළා.

ඇෆ්ඝනිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් තෝර්ප් පත් කිරීමට ද එරට ක්‍රිකට් ආයතනය මීට පෙර කටයුතු කළා.

මේ අතර, එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිත පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.

ODI Squad: Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Azmatullah Omarzai, Farid Malik, Fazal Haq Farooqi, Ibrahim Zadran, Ikram Alikhail, Mohammad Nabi, Mujeeb ur Rahman, Najibullah Zadran, Rahmanullah Gurbaz, Rashid Khan, Riaz Hassan, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia ur Rahman Akbar

Travelling reserves: Noor Ahmad, Nijat Masoud

T20I squad: Mohammad Nabi (c), Najibullah Zadran (vc), Afsar Zazai, Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ihsanullah Janat, Karim Janat, Nijat Masoud, Noor Ahmad, Rahmanullah Gurbaz, Rashid Khan, Sharafuddin Ashraf and Usman Ghani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...