එක්දින හා 20යි 20 තරගාවලියකට ඉන්දියාව ලබන මාසයේ දී දිවයිනට

Date:

එළඹෙන ජූනි මාසයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(26) නිවේදනය කළා.

මෙම තරග සංචාරයේ දී ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට ද අයත් වනවා.

අයි.සී.සී කාන්තා ශූරතාවලියේ නවතම අදියර (2022-25) යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය පාකිස්තානයට එරෙහිව එළඹෙන පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පාකිස්තානය හැරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අදියරේ දී එංගලන්තය, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන කණ්ඩායම් සමග එම රටවලදී තරග වැදීමට නියමිතයි.

ඊට අමතරව අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙරට දී ඉන්දියාව, නවසීලන්තය, බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් යන කාන්තා කණ්ඩායම්වලට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...