පල්ලේකැලේ දී හා අස්ගිරියේ දී ජූනි 19 වැනිදා සිට අලුත් ලීග් තරගාවලියක්

Date:

වයස අවුරුදු 19න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මිළග වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සදහා හා ඉන් ඉදිරිය සදහා යොවුන් ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සකස් කර ගැනීමේ එක් පියවරක් ලෙසයි මෙම තරගාවලිය සංවිධාන කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙම තරගාවලියට අනුමැතිය ලබා දී තිබෙනවා.

පළමු තරගාවලිය එළඹෙන ජූනි 19 වැනිදා සිට 28 වැනිදා දක්වා මහනුවර පල්ලේකැලේ හා අස්ගිරිය යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා කොළඹ – දකුණ, කොළඹ උතුර, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් 5 එක්වන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

එක් සංචිතයක් සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කරනු ඇති.

පන්දුවාර 50 තරග රටාව ඔස්සේ පැවැත්වෙන මෙම තරගාවලියට තරග 11ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...