Update : ශ්‍රී ලංකාව ලකුණු 155ක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි(25).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබා සිටියා.

වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ බැවින් දිවා ආහාරය සදහා තරගය නියමිත කාලයට වඩා සුළු වේලාවකට පෙර නතර කෙරුණා.

නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 30ක් ද රැස් කර කඩුල්ලේ රැදී සිටිනවා.

අද පෙරවරුවේ තරගය ආරම්භ වූ මොහොතේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67ක්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 143ක් ලබා සිටියා. ඒ වන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 70ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, කසුන් රාජිත ලකුණු ලබා ගැනීම ආරම්භ කර තිබුණේ නැහැ.

දිනයේ පළමු කඩුල්ල ලෙස රාජිත ලකුණු නොලබා සිටියදීම දැවී ගියේ එබඩොට් හොසේන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. දිමුත් ලකුණු 80(155)කට දැවී ගියා. හතරේ පහර 9ක් දිමුත්ගේ ඉනිමට ඇතුළත්. ඔහු දැවී ගියේ ශකිබ් අල් හසාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

අනතුරුව මැතිව්ස් හා ධනංජය අතර මේ වන විට 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 46ක්.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු ලකුණු 57(91) කට ඊයේ දැවී ගියා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්. කුසල් මෙන්ඩිස් ලකුණු 11(49)යි.

ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී බංග්ලාදේශයට වඩා ලකුණු 155ක් පිටුපසින් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...